ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා.
සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබනවා.
මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස හඳුන්වනු ලබන්නේ ඇනා ජාවිස් නම් කාන්තාවක්.
ඇයගේ මව ඈන් රීවිස් ජාවිස්ගේ නම් කාන්තාවක් වූ අතර ඇය අමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර මව්වරුන් සහ සොල්දාදුවන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයන් වර්ධනය කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම ප්‍රජා සංවිධායකවරියක්ද වූවා.
1905 වසරේදී ඈන් රිවිස් ජාවිස්ගේ අභාවයෙන් පසු ඇනා ජාවිස්ට ඇගේ මව වෙනුවෙන් ගෞරව කිරීම සහ ඔවුන්ගේ කෘතඥතාව පළ කිරීමට හැකි දිනයක් නිර්මාණය කිරීමට අවශ්‍යව තිබුණේ..
ඒ අනුවය ඇගේ එම උත්සාය සාර්ථක වෙමින් 1914 වසරේදී එවකට අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි මාසයේ දෙවන ඉරිදා දින මව්වරුන්ගේ දිනය ලෙස නම් කෙරුනු අතර එදින නිවාඩු දිනයක් ලෙසද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා..
උණුසුම් පුවත්
- උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්
- ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක්
- ශ්‍රී ලංකා, ඉන්දියා , දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඉන්දියාවට
- සේමිනී ඉද්දමල්ගොඩට ඇප
- මෝටර් රථයක් මාර්ගයන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලෙයි තිදෙනෙකුට තුවාල
- වසර 18 කින් දුම්රියේ ප්‍රසම්පාදනය සිදුව නැති බවට අනාවරණයක්
- පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් පත් කෙරේ
- ලක්ෂ 600ක් වටිනා දුම්වැටි හොරෙන් ගේන්න හැදූ 4ක් අත්අඩංගුවට