හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ මධ්‍යම රාත්රියේදී ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රීසියේ විශාල මුදල් ආයෝජනයක් කර ඇති බවට ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම යොදා ගනිමින් සිදු කරන ලද ඉහත ප්‍රකාශය හරහා ඔහුගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් තුසිත හල්ඔලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් මෙම පැමිණිල්ල මගින් ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබෙන අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාද ඊට එක්ව තිබෙනවා.