ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු කොළඹ කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක්වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සිදු කළ වැඩි දුර විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ මෙම සැකකරු ඩෑන් ප්රියසාදුගේ සහෝදරයාගේ ඝාතනයටත් සම්බන්ධ අයෙක් බවයි.
සමාජ ක්‍රියාකාරියෙකු සහ පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණ අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය අප්‍රේල් 22වනදා රාත්‍රියේ මියගියා.
වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
උණුසුම් පුවත්
- මිලියන 130,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
- ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය
- පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000ක්
- ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු රග්බි තරගය අද
- මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
- චාමර සම්පත්ගෙන් පැය 4ක ප්‍රකාශයක් සටහන් කර ගනී
- රන් මිල පහළට
- ටෙක්සාස් හි භූකම්පනයක්