හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ, විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා.
ඒ, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී..
මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ද සහභාගී වී සිටීම ද විශේෂත්වයක්.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙන බවටයි වාර්තා වෙන්නේ.