අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද පැවති තරගයකින් ස්කොට්ලන්තය පරදා ලකුණු 18 කින් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 121 ක් රැස් කළා.
කෙසේ වෙතත්, ස්කොට්ලන්ත ක්රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 103 ක් පමණයි.