ට්‍රම්ප්ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණා.
ඒ අනුව ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජැක් ස්මිත් පෙන්වා දුන්නේ බලයට පත්ව සිටින ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරීම තහනම් බවයි.
අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තියක් උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ චෝදනා වහාම ඉවත් කරගන්නා ලෙසයි.