රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කරමින් සිටි විදේශීය ගුවන් මගියෙකු , 11/20 දින මධ්‍යම රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 33 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකි .
ඔහු 11/20 දින මධ්‍යම රාත්‍රී 11.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 900 ක් බරැති
” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .