වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුව ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත් වී තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(20) රාත්‍රීයේ උන් වහන්සේ අපවත්වී ඇති බවයි වාර්තා වන්නේ.
අපවත්වන වන විට 67 වන වියේ පසු වූ උන්වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හිමිනමක්ද වනවා.