මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද(29) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
2026 වසරේ ජුනි මස 26 වනදා දක්වා මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
ගුවන් සමාගම් සහ මගීන් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ආකර්ශණය කර ගැනිම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.













