මුදල්, ක්‍රමසම්පදාන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා අද(23) පෙරවරුවේ වැඩ භාරගෙන තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කරනු ලැබුවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ආචාරය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙනු ලැබුවා.