අද පස්වරුවේ දී ඇප මත මුදා හරිනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ඔක්තෝබර් 29 දා නැවත කැඳවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා .
හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුනේ පොදු දේපළ පනත යටතේයි.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දා හිටපු ජනාධිපතිවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමටයි නියෝග කලේ