චාමර සම්පත් මන්ත්‍රීවරයා සම්බන්ධ චෝදනා පිලිබඳව සහ තමාව අල්ලස් කොමිසම වෙත කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ බිරිඳ විසින් පසුගිය අප්‍රේල් 10වැනිදා තමාගෙන් උපදෙස් පතා ඇමතුමක් ලබාදුන් බවයි.
ඒ, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රකාශයකින් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංගනය වීමක් සිදුවී ඇද්ද යන්න විමසමින් බවයි රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ.
මීට අමතරව අල්ලස් කොමිසමේ දැනුම්දීමක් අනුව ලබා දුන් දිනට පෙනී සිටීමේ ගැටලුවක් ඇති බවද තමා අල්ලස් කොමිසමට ලිඛිතව දැනුම්දුන් බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
කෙසේවෙතත් එම ලිපිය තමන් දුටු බව ජනාධිපතිවරයා මහජන රැලියකදී සඳහන් කිරීම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ සභාපතිවරයාගේ අවධානයට ලක් කර තිබෙනවා.
මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙසත් තම නීතිඥයින් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සමග ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කරනු ඇති බවත් එම ලිපියේ සඳහන්.