අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදට යෙදී තිබෙනවා.
අද පෙරවරු 10.30ට මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව රැස්වීමටද නියමිතයි.
අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා පැවසුවේ පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැයට වඩා මෙවර අයවැය ශක්තිමත් අයවැයක් බවයි.













