
සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු අද දිනයේදී විරෝධතාවයේ නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා. විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා ස්ථීර විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම විරෝධතාවෙහි නිරත වන බවයි වාර්තා වන්නේ. එම සම්මේලනයේ ලේකම් චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, මේ සඳහා විසඳුම් ලබාදීමට අපොහොසත් වන්නේ නම් එළැඹෙන සතිය තුළ මෙම විරෝධතා තවදුරටත් තීව්‍ර කිරීමට කටයුතු කරන බවයි.














