Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දඹුල්ලේ පානිය ජලයට වස මුසු කරපු අයවලුන්ට පවුල් පිටින් සවාරියක් සුදානම් කලයුතුයි .

    දඹුල්ලේ පානිය ජලයට වස මුසු කරපු අයවලුන්ට පවුල් පිටින් සවාරියක් සුදානම් කලයුතුයි .

    කාංචන කුමාර - දඹුල්ල
    2025-06-22කියවීමට මිනිත්තු 3ක් ගතවේ.651 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දඹුල්ල ඇතුළු නගර රැසකට පානීය ජලය ලබාදෙන ඉබ්බන්කටුව දඹුලු ඔය ජලාශයේ ජලයට අපවිත්‍ර ජලය එකතු කර ජන ජිවිත විනාශ කරන කණ්ඩායම් හා ඒ සඳහා වසර ගණනාවක් තිස්සේ අනුබල දීපු විවිධ සන්තෝසම් ගත්ත පුද්ගලයන්හට පවුල් පිටින් සවාරියක් යෑමට මඟ පාදාදෙන බව දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සුසන්ත බටගොඩ මහතා පවසනවා.

    දඹුල්ල දඹුලු ඔය ජලාශයේ ජල සම්පාදනය පොම්පාගාරය පිහිටා ඇති ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිත ජලයේ තෙල්, ග්‍රීස් සාන්ද්‍රනය සංසරණ ජල තත්ත්ව ප්‍රමිතීන් ඉක්මවා ගොස් ඇති බවත් ජල තත්ත්ව විශ්ලේෂණ වාර්තා පරීක්ෂණ කිරීමේදී අනාවරණය වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම බරපතල තත්ත්වය පිළිබඳ ආයතන අටක් දැනුවත් කොට ජලාශය අපවිත්‍ර වීම ගැන සාකච්ඡාව පවත්වා තිබෙනවා.

    එම සාකච්ඡාවල ප්‍රතිඵල අනුව දඹුල්ල මහ නගර සභාව ගලේවෙල ප්‍රාදේශීය සභාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම 20 දින සිදු කරන ලද පරීක්ෂණයකදී දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ කිරි ආශ්‍රිත නිෂ්පාදිත කර්මාන්ත ශාලාවකින් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය සහිත ජලය කුඹුරක් හරහා දඹුලු ඔයට එක්ව ජලාශයට ගලා යන බව සොයා ගෙන තිබෙනවා.

    මෙම බරපතල තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා 21 දින දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී නියෝජ්‍ය නගරාධිපති සුසන්ත බටගොඩ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික කරුණාරත්න දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක යොහාන් අබේවික්‍රම යන මහත්වරු කණ්ඩායමක් සොයා බැලීම සඳහා එහි පැමිණ සිටියා.

    මෙම අවස්ථාවේ කිරි ආශ්‍රිත මහා පරිමාණ කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන ජලය යොදා ඇති කුඹුරුවලින් වෙනම වර්ණක සහිත ද්‍රාවණයක් විශාල වශයෙන් තැන්පත් වී ඇති අයුරු දැක සුසන්ත බටගොඩ නියෝජ්‍ය නගරාධිපතිවරයා ඉහත ප්‍රකාශය සිදු කරනු ලැබුවා.

    මෙහිදී ප්‍රදේශයේ කාන්තාවක නරාධිපතිවරයා ඇතුළු කණ්ඩායම වෙත සඳහන් කළේ වසර ගණනාවක සිට මෙම බරපතල තත්ත්වය පිළිබඳ තමන් ඇතුළු ප්‍රදේශවාසීන් බලධාරීන්ට දැනුම් දුන්නද කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි.

    එම සියලු දෙනාම කිරි ආශ්‍රිත නිෂ්පාදන සන්තෝසම් ලෙස ලබාගෙන පිටව යෑම නිසා මෙම ඉවුර කලාපයේ තිබුණු ජලජ ශාක මෙන්ම නෙළුම් වගාව ද සම්පූර්ණයෙන්ම විනාශ වී දුර්ගන්ධය පවා පැවැති බව ඔවුන් සඳහන් කළා.

    කෙසේ වෙතත් දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතා සඳහන් කළේ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන අටක් සිදු කරන ලද පරීක්ෂණය සහ සහ ඒකාබද්ධව මෙම බරපතළ ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කර ඇති අවස්ථාවක තමන් සහ ගලේවෙල ප්‍රාදේශීය සභාව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන පානීය ජලය පිළිබඳ අවධානය යොමු කොට මෙහි පැමිණි බවයි

    කෙසේ වෙතත් කිසිදු තරාතිරම් නොබලා මහජනතාවට සිදුවෙන බරපතළ පානීය ජල අර්බුදයට සෞඛ්‍යයට මැදිහත්ව නීතිය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළා.

    ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික කරුණාරත්න මහතා කියා සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ආයතනය වෙත ලබා දී ඇති පරිසර බලපත්‍රය අත්හිටුවා දින 14 ක් ඇතුළත වහාම පරීක්ෂණයක් කැඳවීමට තමන් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන බවයි.

    පසුව මෙම කණ්ඩායම කිරි ආශ්‍රිත නිෂ්පාදන කම්හල වෙත ගොස් පරික්ෂා කිරීමේදීම ආයතනයේ සේවකයින් කියා සිටියේ වසර කිහිපයක් තිස්සේ මෙම පෞද්ගලික කිරි ආශ්‍රිත කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගියද කිසිදු ආකාරයෙන් ජලයට වස විසක් මුසුවීමට ඉඩ නොතැබූ බවයි.

    කෙසේ වෙතත් ආසන්නයේ කුඹුරු හිමිකරුවකු කරන ලද ඉල්ලීමක් අනුව අර්ධ වශයෙන් පිරිපහදු කරන ලද ජලය නල මාර්ගයකින් එම කුඹුරුවලට ලබාදීම සිදු කළේ යැයි ඔවුන් පිළිගැනීම විශේෂත්වයකි.
    එම ස්ථාන කන්ඩායමේ නිරීක්ෂණයට ලක්විය.

    මෙම අප ජලය නිසි පිරිපහදුවකින් තොරව කිසිසේත් පරිසරයට මුදා හැරීමට නොහැකි නීතිමය තත්ත්වයක් පවතින බවද එම සේවකයන් පිළිගැනීම ද විශේෂත්වයකි.

    එය තම ආයතනය සිදු කළ බවත් මින් පසුව එය නවතා දමන බවද ඔවුන් කියා සිටියා.

    කෙසේ වෙතත් මේ පිළිබඳව දැඩි ලෙස අවවාද කළ දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතා දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක යොහාන් අබේවික්‍රම මහතා වෙත සඳහන් කළේ වහාම සොයා බලා ඊට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

    පෙර පුව​තපාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල පහතට
    ඊළඟ පුව​ත මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group