මහනුවර මහ නගරසභාව විසින් නව මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා.
මෙම මෘදුකාංගය මගින් මහනුවර නගරයේ රාජ්‍ය ආයතන ,රාජ්‍ය නිලධාරීන්,මහනුවර නගරයේ ජනතාව සහ ව්‍යාපාරිකයින් සම්බන්ධ වන බවයි මහනුවර මහ නගරසභාව පැවසුවේ.
මෙමගින් මහනුවර නගරය තුල සංවර්ධනය සදහා අවශ්‍ය යෝජනා අදහස් මෙන්ම ,චෝදනා සහ පැමිණිලි ඉදිරිපත් කිරීමටද හැකියාව පවතිනවා.
මෘදුකාංගය සදහා අවශ්‍ය වන ූඍ කේතය අද මහනුවර නගරය පුරා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති බවයි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවේ.