හෙට(28) රජයේ කා්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ පවතින හදිසි ආපදා තත්ත්වය මත සාමන්‍ය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණදෙන ගැටලු සැලකිල්ලට ගෙන හෙට(28) සිකුරාදා දිනය රජයේ කාර්යාල සඳහා විශේෂ නිවුඩා දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
කෙසේ වෙතත් රජයේ අත්‍යවශ්‍ය සේවාවන් සහ ආපදා සහන සේවාවන්වලට අදාල නිලධරයන් සේවයට කැඳවීමට ඉහත නිවාඩුව බාධාවක් නොවිය යුතු බවද නිවේදනයේ සඳහන්.













