මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන නැරඹීමට ගොස් තිබෙනවා.
ඊයේ සවස මොවුන් කදු මුදුන නැරඹීමට ගොස් ඇති අතර පැවති මීදුව සහ වැසි හමුවේ ඔවුන්ට නැවත පැමිණීමට මග සොයා ගැනීමට නොහැකිව අතුරුදන් වී තිබුනා.
ඔවුන් ඒ පිළිබඳව මව්පියන්ට දැනුම්දීමෙන් පසු යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් සිදුකර ළමුන් පිරිස සොයා ගනු ලැබුවා.
මුදාගත් ළමුන් පේරාදෙණිය රෝහලට යොමු කර තිබෙනවා.
ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ