තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද(19) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 9 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 3 f දනෙක් ඇතුළු දෙදෙනෙක් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා පවසනවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතුයායේ තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට ගැලටීම නිසා බඹරුන් ඇවිස්සි තේ වත්තේ වැඩ කරමින් සිටි පිරිසට දෂ්ඨ කර ඇති බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
පවතින අයහපත් කාලගුණයත් සමග බඹරුන් විශාල වශයෙන් තේ වතුවල කූඩු බැඳ ඇති බවත් අද (19) දින වතු කම්කරුවන් විශාල පිරිසකට බඹර ප්‍රහාර එල්ල වීම නිසා තේ වත්තේ දළු නෙළන කටයුතු අද(19) දින නතර කිරීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
බඹර ප්‍රහාර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.