තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පිළිවෙළන් ලෝක පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීම ශ්‍රී ලංකාව නියෝජනය කළ චමෝද් යෝධසිංහ සහ නදීෂා ලේකම්ගේ සමත් වූවා.
මීටර් 100 ධාවන තරගයෙන් චමෝද් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගත වූ කාලය තත්පර 10.38ක්.
එම ඉසව්වේ රන් පදක්කම ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයා විසින් දිනා ගනු ලැබුවා.
ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 10.34ක්.
රිදී පදක්කම දිනාගනු ලැබුවේ ජපානය නියෝජනය කළ ක්‍රීඩකයායි.
ඒ සඳහා ඔහු වැය කළ කාලය තත්පර 10.36ක්.
කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් නදීෂා දැක්වූ දක්ෂතාවය මීටර් 56.62ක්.
මෙම ඉසව්වෙ රන් පදක්කම ඉන්දියානු ක්‍රීඩිකාව විසින් දිනාගනු ලැබුවා.