නෙඩුන්තිව් මුහුදු සීමාවේදී පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දියාවේ රාමේෂ්වරම්හි ධීවරයින් 07 දෙනෙකු එළැඹෙන අගොස්තු මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
නාවික හමුදාව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 07 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.
ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටුව කන්කසන්තුරේ නාවික හමුදාව වෙත භාර දෙන ලද අතර, විමර්ශනවලින් පසු නාවික හමුදාව ඔවුන් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමටයි කටයුතු කළේ.
විමර්ශනවලින් පසු එදින ධීවරයින් විනිසුරුවරයාගේ නිවසට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබුණා.
ඊයේ දිනයේදී නැවත ධීවරයාගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, මහෙස්ත්‍රාත්වරයා ඔවුන් අගෝස්තු 6 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.