මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකා පොලීසිය සිදු කර තිබෙනවා.
මෙම මෙහෙයුම් තුලින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.
එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 20 දෙනෙකු හා වරෙන්තකරුවන් 675 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.
ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් මෙහෙයුම සදහා යොදා ගත් බවයි පොලීසිය සදහන් කළේ.
එහිදී පුද්ගලයන් 25,755 දෙනෙක්ද වාහන 10,602ක්ද යතුරු පැදි 7,998ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එමෙන්ම මෙම මෙහෙයුම් හරහා නීති විරෝධී ගිනි අවි 4ක්ද පොලීසිය සිය භාරයට ගත් බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- වැසි තත්ත්වයේ වැඩිවීමක්
- මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
- ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි













