කොංගෝ රාජ්‍යයේ, කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. කැරලිකරුවන් පිරිසක් විසින් ගිනි අවි සහ සහ තියුණු ආයුධ භාවිත කරමින් මෙම ඝාතනයන් සහ පහරදීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයිද සඳහන්.
අයි.එස්.අයි.එස් සංවිධානය සමඟ සබඳතා ඇති ඒ.දී.එෆ් නැමැති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ඔවුන් නිරන්තරයෙන් සිවිල් ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවද එරට මාධ්‍ය වාර්තා කළා.