ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම් හේතුවෙන් ගෝලීය රත්‍රං මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
ගෝලීය රත්‍රං මිලෙහි ඉහළම අගය ඊයේ දිනයේ දී වාර්තා වුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
දෛනික වෙළඳපොළෙහි රත්‍රං අවුන්සයක මිල 0.8%කින් ඉහළ ගිය අතර එහි මිල සටහන් වුයේ ඇමෙරිකා ඩොලර් 2830 ශත 49ක් ලෙස බවයි සඳහන් වන්නේ .
එමෙන්ම පුරෝකථන වෙළඳපොළෙහි රත්‍රං අවුන්සයක මිල 0.8%කින් ඉහළ ගිය අතර එහි මිල සටහන් වූයේ ඇමෙරිකා ඩොලර් 2857 ශත 10ක් ලෙස බව සඳහන් වෙනවා.