
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ නැව් වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර සහ සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීම හේතුවෙන් . ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් එනම් 2.77% ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 107.51ක් ලෙස සටහන් වනවා. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.27කින් එනම් 2.27% ඉහළ ගොස් ඩොලර් 102.32ක් දක්වා වැඩි වී තිබෙනවා. ලොව විශාලතම තෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය, ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සිය ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීමට පියවර ගත්තා. හෝමුස් සමුද්‍ර සන්ධිය මඟහැර අපනයන කටයුතු කිරීමට උපකාරී වූ මෙම නල මාර්ගය අක්‍රිය වීමෙන් ගෝලීය තෙල් සැපයුමෙන් 4%කට ආසන්න ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.














