කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ඊයේ රාත්‍රී කාලයේදී ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුනා.
එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කලේ.
සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බවද වාර්තා වනවා.