සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් අලුතෙන් ඉදිකෙරෙමින් පවතින මහල් 13කින් සමන්විත වාට්ටු සංකීර්ණය සහ නව විකිරණ ඒකකය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.
එහි ඉදිකිරීම් කඩිනම් කර රෝගීන් වෙනුවෙන් විවෘත කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී අදාළ අංශ වෙත උපෙදස් ලබා දී ඇත්තේ.
මහනුවර ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අලුතින් ඉදිවන වාට්ටු සංකීර්ණය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.