කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 118 ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.
එම විදුහල්පතිවරයාට අයත් එප්පාවල පිහිටි හෝටලයක සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් අතර ඒවා ඔහුගේ පුත්‍රයා විසින් ගෙනැවිත් සඟවා තිබූ ඒවා බවට විමර්ශනවලදී හෙළි වුණා.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.










