76 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා .
ඒ වෙනුවෙන් වී එෆ් .එම් ප්රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන්
මෙවර ජාතික නිදහස් දිනය ” හදමු අලුත් රටක් “ යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවැත්වෙනවා .
ඒ අනුව ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේදි පැවැත්වීමට නියමිතයි .
මෙවර නිදහස් සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගි වනු ඇති .
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිදහස් දින පණිවිඩයක් නිවේදනය කර තිබෙනවා .
එමගින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ යළිත් සෞභාග්‍යයමත් දේශයක් නිර්මාණය කර ගැනීමට සෑම දෙනෙකුම මෙම නිදහස් දිනයේ අධිෂ්ඨාන කර ගත යුතු බවයි .
එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙවර නිදහස් දිනය වෙනුවෙන් සිය සුහ පැතුම් එක් කර තිබෙනවා .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නිදහස් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා .එහි සදහන්ව ඇත්තේ මිනිස් නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කල යුතු බව ආණ්ඩුවට අවධාරණය කරන බවයි .