දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු සිය කණගාටුව පළ කර තිබෙනවා.
එමෙන්ම ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට මෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළෙ සදහා සිය උපරිම සහාය ලබා දෙන බවද ඔහු සදහන් කළා.
ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති දුරකථන සංවාදයකදී මාලදිවයින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
තම සහෝදර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තනි නොකරන බවද ආචාර්ය මොහමද් මුයිසු මහතා මෙහිදී වැඩිදුරට අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
සෑම අසීරු අවස්ථාවකම මාලදිවයින, ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අවස්ථාවේදීද ඔවුන් දෙන සහයට සිය ස්තුතිය පළ කර තිබෙනවා.











