බෝතල් කළ පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 05 ක දඩ මුදල් නියම කර තිබෙනවා.
රුපියල් 70 කට මිල සදහන් කර තිබු පානිය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවිකිරිම සම්න්ධයෙන් වරද පිළිගත් වරාය නගරයේ පුද්ගලික සමාගමකටයි මෙම දඩ මුදල නියම කර ඇත්තේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළදසැලට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන් තිබුණා.