Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැඩබලන විදුහල්පතිට එරෙහිව දෙමාපියන් මහ පාරට

    වැඩබලන විදුහල්පතිට එරෙහිව දෙමාපියන් මහ පාරට

    2025-08-22කියවීමට මිනිත්තු 3ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කළාපයේ ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය (ජාතික පාසල) ඉදිරි පිට අද(22) විරෝධතාවයක් පවත්වා තිබනෙවා.

    ඒ විදුහල්පතිවරයාගේ පරිපාලන කටයුතු දුර්වල වීම හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම හා විනය පිරිහෙමින් පවතින බැවින් මෙම විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කරන ලෙස බල කරමින්.

    වර්තමාන වැඩබලන විදුහල්පති උපාලි හේමන්ත රාජකරුණා මහතා ඉවත් කර වෙනත් විදුහල්පතිවරයකු ලබා දෙන ලෙස බලකරමින් විද්‍යාලයීය පිවිසුම් දොරටුව ඉදිරිපිටදී සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දෙමාපියන් පිරිසක් විරෝධතාවයෙහි නිරතව තිබෙනවා.

    විරෝධතාවයේ නිරත දෙමාපියන් හමුවට විද්‍යාලයේ ගුරුභවතුන් කීපදෙනෙකු පැමිණ සාකච්ජා කළ අතර, එහිදී උණුසුම් තත්වයක්ද හටගෙන තිබෙනවා.

    එහිදී දෙමාපියන් මෙලෙස කියා සිටියා.

    “මෙම පාසල පසුගිය කාළයේ ප්‍රදේශයේ දිදුලන නමක් තියපු පාසලක්. ඉංග්‍රීසි මාධ්‍ය පන්ති හොඳින්ම පවත්වාගෙන ගිය පාසල්. දැන් ඒක මහ පොළවට සමතලා කරලා දාලා ඉවරයි.

    මේ විදුහල්පතිවරයා පාසල තිබුණු තත්වයෙන් පහතට දාලා තියෙනවා.ඒකට විරෝධය පල කරන්න තමයි මේ දෙමාපියෝ එකතු වුණේ.

    අපි කියන්නේ අධ්‍යාපන බළධාරීන්ට මේ ගැන සොයා බලා මේ පාසල තිබුණු තත්වයට පත් කරලා දෙන්න කියන ඉල්ලීම කරන්නේ.

    මේ පාසල විනාශ වුණොත් පෞද්ගලික පාසලකට අපේ දරුවෝ යවන්න වත්කම් නෑ. මොකද ප්‍රදේශයේ ගොවි අම්මා තාත්තාගේ දරුවෝ මේ පාසලට එන්නේ.

    මේ ගැන හොයලා බලලා විසදුමක් දුන්නේ නැත්නම් අපි ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්නවා.මේ විදුහල්පතිවරයා ගුරුවරු, දෙමාපියෝ එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නෑ. එයාගේ මතයමයි ක්‍රියාත්මක කරන්නේ,

    එතුමා පාසලෙන් පළිගනනේ. එතුමා හිටපු පාසල්වලින් පවා එළවලා තමයි මෙහෙට ඇවිත් ඉන්නේ.

    මේ පාසල ඔහු විනාශ කළා. අපි මේ පිළිබඳව බළධාරීන් දැනුම්වත් කළා. මේක ගැන හොයලා විසඳුම් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපිට ආරංචි හැටිය⁣ට ගුරුවරු හවසට හවසට මත්පැන් පාසල තුළ පාවිච්චි කරනවා. මත්ද්‍රව්‍ය පාසල තුළට ඇවිත් තියෙනවා.

    මේ ගැන විදුහල්පති සමඟ සාකච්ජා කළාම ඔහු මේවා කනකට ගන්නේ නෑ. ඉංග්‍රීසි මාධ්‍ය පාසල් දරුවෝ 37 දෙනෙක් පාසල හැර ගිහින් තියෙනවා.

    මෙම විදුහල්පතිවරයා විසින් වාණිජ විශය ධාරවෙන් උසස් පෙළ හදාරණ සිසුන්ට පන්ති කාමරයකවත් ලබා නොදීම හේතුවෙන් ගස් ගල් යට දරුවන්ට ඉගෙන ගන්න සිද්ධ වුණා. වාණිජ විෂය උගන්වන ගුරුවරු බොහෝ දෙනක් විදුහල්පතිවරයා ස්ථාන මාරු කෙරෙව්වා.

    දැන් දරුවෝ පාසල් එන්නේ සතියට දවස් දෙකයි. අපේ දරුවන්ට විභාගයට තව මාස 08 යි තියෙන්නේ. ඒ මාස 08 තුළ පැමිණිම 80% බැලුවොත් නෑ. ඒ සියලු දේ කරන්නේ මේ විදුහල්පතිතුමා.

    හිටපු හොඳම ගුරුවරු ටික යැව්වා. අපි අවුරුදු 12 ක් තිස්සේ කුලී වැඩ කරලා මේ දරුවන්ට උගන්වන්නේ.

    එහෙම උගන්වලා අන්තිම මොහොතේ අධ්‍යාපනය කඩා වැටෙනවා කියන්නේ වැඩක් නෑ ⁣අපේ මහන්සිය.

    ඒ නිසා මේ විදුහල්පති අයින් කරලා පාසලේ අධ්‍යාපනය යථා තත්වයට පත් කරලා දෙන්න, පාසලේ විනය අන්තිමට වැටිලා.

    සමහර ගුරුවරු පාසල තුළ මත්පැන් පානය කරනවා කියනවා. හැම අතින්ම පාසල කඩා වැටිලා තියෙනවා.

    අනතුරුව විරෝධතාකරුවන් හමුවට කැකිරාව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර් බංඩාර මහතා පැමිණි අතර මෙම පාසලේ පවතින ගැටලුව සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ලේකම්තුමන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් දැනුම්වත් කළ බවත්, මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පැවසුවා.

    මට ඒ සම්බන්ධ ලිපිය ලැබෙයි. මේ සඳහා අදම විසදුමක් දෙනවා. මේ පාසල විදුහල්පතිවරයා පුරප්පාඩු පාසලක් ලෙස නම් කරලා තියෙන්නේ.

    සම්මුඛ පරීක්ෂණයෙන් විදුහල්පතිවරයෙක් ඉක්මනින්ම පත් වෙයි. අද දවසේ විසඳුමක් නොලැබුනොත් මම වගකීම භාර ගන්නවා යැයි පැවසීය.

    පෙර පුව​තනන්දා මාලනිය අගයමින් ප්‍රණාම උළෙලක්
    ඊළඟ පුව​ත රනිල් වෙනුවෙන් සජිත් කතා කරයි

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group