Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැස්ස ගැන අනාවැකියක්….

    වැස්ස ගැන අනාවැකියක්….

    2025-11-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
    දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

    සෙසු ප්‍රදේශවල අතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

    මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රීතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇත.

    එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් 2025 නොවැම්බර් 24 වන දින පමණ ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.

    ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    වැසි තත්ත්වය

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    සුළඟ

    සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් පමණ වේ.

    ත්‍රීකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය

    ත්‍රීකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.

    පෙර පුව​තපින්කමකට ඇවිත් යන ගමන් කරපු තිරිසන් වැඩේ
    ඊළඟ පුව​ත හුලංනුගේ පුද්ගල ඝාතනයක්

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group