
වත්තල පොලිස් වසමේ කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කලේ ඊයේ රාත්‍රී කාලයේදී මෝටර්
රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ තැනැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුනා. එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ. මිය ගිය තැනැත්තා වයස අවුරුදු 39ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ.














