නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සැකකරුවන් පුද්ගලයෙකුට පහරදී වදහිංසා පමුණුවා හෝමාගම බයිපාස් මාර්ගයේ පසුගිය 10 වනදා අතහැර දමා ගොස් තිබුණා.
ඔහුගේ ගෙල සිරකර හිසට පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විජිත හේරත් අතර හමුවක්
- ආයුර්වේදයට නව කොමසාරිස්වරියක්
- ගත වූ පැය 24 තුළ පොලිස් විශේෂ මෙහෙයුම්වලින් 736 ක් අත්අඩංගුවට
- නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
- රංජිත් වීරසිංහට රුසියානු රාජ්‍ය සම්මානයක්
- සේවකයින් බදවා ගන්නේ පුරප්පාඩු වලට පමණයි
- ෆොන්සේකා ආණ්ඩුව අගයයි











