නවසීලන්තයට බලපෑ තද සුළං හේතුවෙන් නිවාස අනුදහසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.
ගුවන් ගමන් වාර 100කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.
නවසීලන්තයට පැයට කිලෝ මීටර 155 ක වේගයෙන් තද සුළං හමා ගොස් තිබෙනවා.
එරට සමස්ත දකුණු දූපතටම සහ උතුරු දූපතේ දකුණු ප්‍රදේශවලට මෙම සුළං තත්ත්වය බලපා ඇති බවයි වාර්තා වුණේ.
ඒ සමග විදුලිය විසන්ධි වී ගොස් ඇති අතර එය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව නවසීලන්ත වාර්තා සඳහන් කරනවා.
අධික සුළඟින් නිවාස රැසකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අද දිනයේ ද එරටට අධික වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.