ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්‍රගතිය ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියගේ පැසසුමට ලක්ව තිබෙනවා.
රජයේ වත්මන් වැඩපිලිවෙලට ඉතාලියේ අඛණ්ඩ සහාය ලබා දෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අවස්ථාවේදීයි ඉතාලි නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය මේ බව සදහන් කර තිබුණා.
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මාරියා ට්‍රිපොඩි මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ සිදු වුනා.
ඒ අරලිය ගහ මන්දිරයේදීයි.
දේශපාලන උපදේශන සඳහා අවස්ථාව වැඩි කිරීම, වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම ආදිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.
සංචාරක ප්‍රවර්ධනය සහ සංස්කෘතික හා ආධ්‍යාපනික හුවමාරු වැඩසටහන ශක්තිමත් කිරීම පිළිබදව ද අවධානය යොමුව ඇති බවයි වාර්තා වුනේ.
යුරෝපා සංගමය සමග පවතින සබදතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













