කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් තරුණයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයිද සඳහන්. මාසයක කාලයක් ඇතුළත අදාළ වාර්තාව ලබාදෙන ලෙස ද ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. කහවත්ත ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 30 වැනිදා නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් වෙඩි තැබීමක් සිදු කර තිබු අතර එහිදී 22 හැවිරිදි තරුණයෙකු මිය ගියා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුරය රෝහලට ඇතුළත් කෙරුණා. මෙම වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසියට ද චෝදනා එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි ජාතික පොලිස් කොමිසම පවසන්නේ.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්
- රුපියල් මිලියන 900කට අධික මුදලක් වංචා කළ රේන්බෝ අයිතිකරු යළි රිමාන්ඩ්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්
- මෙරට ගුවන් හමුදාවේ 110ක් මධ්‍යම අප්‍රිකාවට













