වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙක් හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දමන පොලිස් වසමේ හිඟුරාන ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණු බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිරණ පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු වයස අවුරුදු 39ක් පමණ වූ හිඟුරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් දමන හා හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













