එක්දින සේවය යටතේ සතියේ දින 05 දී පැය 04 ක් තුළ විදේශගමන් බලපත්‍රය ලබාදීමට තම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා පවසනවා.
එබැවින් රාත්‍රී කාලයේ සිට පෝලිම්වල රැදී සිටිමින් නිකරුනේ කාලය නාස්ති කිරීමෙන් වළකින ලෙසයි ආගමන විගමන පාලක ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
පසුගිය කාල සීමාව තුළ විදේශගමන්බලපත්‍ර ලබාගැනීම සදහා දිවා රාත්‍රී දිගු පෝලිම් පැවතියා.
ඊට පිලියමක් ලෙසයි සතියේ දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දිවා රාත්‍රී සේවාව ආරම්භ කෙර ඇත්තේ.
එහෙත් එම තදබදය මේ වන විට අවසන්ව ඇති හෙයින් වැඩකරන දිනවල උදෑසන 06 සිට පස්වරු 02 දක්වා ටෝකන්පත්‍ර ලබාදීම සිදු කරනු ලබනවා.
එක්දින සේවය යටතේ දිනකට විදේශගමන් බලපත්‍ර 2000 ක් පමණ නිකුත් කරන බැවින් දිගුපෝලිම්වල රැදී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
- ආණ්ඩුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු සහයක් නැහැ
- “සංදර්ශන ගැන ගැටලුවක් නැහැ” – රුවන් මාපලගම
- අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් දිවයිනට
- අලි රොෂාන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම විභාගයට ගැනීමට දින දෙයි
- අද සවස ඌව, මධ්‍යම සහ සබරගමුවේ වැසි
- ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්යක්ෂ අත්අඩංගුවට
- කේරළ කංසා එක්ක 04ක් නාවික හමුදා භාරයට













