කොටහේන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ යාපනය මනිපායි ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටහේන ප්‍රදේශයේ ඊයේ(07) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩු කන්නා නමැත්තාගේ ගෝලයෙකු බවටයි වාර්තා වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 43ක් පමණවන පුද්ගලයෙකු බවද වාර්තා වනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.











