මාරවිල, මුදුකටුව වෙරළ තීරයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙක් මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් පමණ වූ පුද්ගලයෙකි.
මෘතදේහය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.