ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමු වී අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.
ඒ සදහා මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහායද අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.
මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසියට සහභාගි වීමට ජිනීවා ගොස් සිටින අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොලකර් ටර්ක් මහතා අතර හමුවක් සිදු වුනා.
එහිදී මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
නව රජය යටතේ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව හැරවුමක් ලබා ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ.
උණුසුම් පුවත්
- ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයන් තිස්දහසකට වැඩි පිරිසක් පරීක්ෂාවට
- මියන්මාරයේ සයිබර් ග්‍රහණයේ සිටි ලාංකිකයින් 6 දෙනෙකු මුදා ගනියි
- ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලා ගිය බෝට්ටුව පොලිස් භාරයට
- 2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
- මියන්මාරයේ සිටි තවත් ලාංකිකයන් හය දෙනෙක් මුදාගැනේ
- පිරමීඩ යෝජනා ක්‍රමයක් කරගෙන ගිය හතක් කොටුවෙයි
- ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි










