සීගිරියට බලපෑම් කරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා පවසනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මේ වන විට සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් නැතිවුවත් ඉදිරියේදී මෙම අනවසර ඉදිකිරීම් සීගිරියට යම් තර්ජනයක් එල්ලකරනු ඇති බවයි.
වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇති බවට ජාතික පුවත්පත් කිහිපයක් අද වාර්තා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද අදහස් පළ කළා.