අමෙරිකාව සහ ඉරානය අතර එළැඹෙන සතිය තුළ සාකච්ඡා ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එම අවස්ථාවේදී න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹිය හැකි බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුවයි ඔහු මේ බව පවසා ඇත්තේ. කෙසේ වෙතත් පැය 48 කට පමණ පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් අමෙරිකාව රාජතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවයි. එමෙන්ම වොෂින්ටනය සමඟ තවදුරටත් සංවාදයක් කළ නොහැකි බව එමගින් දනවන බවද ඉරාන උත්තරීතර නායකය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වුණා.
උණුසුම් පුවත්
- පුද්ගලයෙකුට පහරදුන් සැකකරු රිමාන්ඩ්
- අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගෙන
- වටවල ටවුම මැද සිදු වූ බිහිසුණු අනතුර
- චරිත රත්වත්තෙට ඇප
- ලොකු ලූණු ආනයනය ගැන අනාවරණයක්
- කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි
- කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා
- නෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර













