අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9 දෙනා අවවාද කර මුදා හැර තිබෙනවා.
ඒ ඔවුන් ඊයේ පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශය අසල සිදුකළ විරෝධතාවක් අතරතුර මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.
සම සෞඛ්‍ය සේවාව ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තීන් සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් බඳවා ගැනීමට එරෙහිවයි එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ.