අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ඊයේ සවස රැගෙන එනු ලැබුවා.
දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇති .
දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණ තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අනිද්දා හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බවයි
කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුනා.
1947 වසරේ අප්‍රේල් මස 30 වනදා කැළණියේදී උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවුණා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













