ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සූදානම මැයෙන් සමුලුවක් අනිද්දා සිට 18 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන්
මෙම සමුළුව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබනවා.
න්‍යෂ්ටික බලශක්තිය තම රටට හඳුන්වා දීමට නම් ඕනෑම රටක් අදියර 3කට අනුව ක්‍රියාත්මක විය යුතු බවයි සදහන් වන්නේ.
එහි මූලික අදියර ලෙස හැඳින්විය හැකි ශක්‍යතා අධ්‍යයනයක් ද අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය හඳුන්වා දී ඇති නිර්දේශ සම්මත ක්‍රමවේදයට අනුව සිදුකළ යුතුයි.
ඒ අනුව, බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව ඇතුලු රජයේ ආයතන රැසක් සහ රාජ්‍ය විශ්ව විද්‍යාලද සම්බන්ධ කර ගනිමින් අංශ 19ක් ඔස්සේ එම අධ්‍යයනයන් සිදු කර තිබුණා.