ප්‍රබල මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක හෙවත් “හරක් කටා” කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
ඔහු එලෙස රෝහල් ගත කර ඇත්තේ චිකුන්ගුන්යා රෝගය වැළඳීම හේතුවෙන් ඊට අදාළ ප්‍රතිකාර ලබාගැනීමට බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව හරක් කටා පමණක් කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ඒ, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැදයි.
පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් එය නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.