ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඒ මහතා ගාල්ල මහ නගර සභාවට තේරී පත්වූවා.
ඒ බවට දැක්වෙන නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්නසින් යුතුව ඒ ප්‍රියන්ත මහතා වෙත නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂය විසින් දැනුවත් කර තිබියදී ඊට පටහැනිව ඡන්ද විමසීමේදී කටයුතු කිරීම නිසා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන අතර පක්ෂයේ හොබවන සියලු තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් ඇති අයිතියද අහිමි වන බව දැනුම්දී තිබෙනවා.
ඊට අදාළ පක්ෂ මහලේකම්වරයා විසින් යොමු කරන ලද ලිපිය පහතින් දැක්වේ.